විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එළියට. - උපාධි සහතිකත් පෙන්නයි. - (VIDEO)

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka Politician
By Wayomi Dec 18, 2024 06:50 AM GMT
Wayomi

Wayomi

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවේ දී සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහි දී විපක්ෂ නායකවරයා සඳාහන් කළේ, තමා සිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කොන්වට් එකේ බවත්, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ බවත්, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ බවත්, තමන් මෙරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී නොසිටි බවත් ප්‍රකාශ කළා.

එමෙන්ම අනතුරුව තමා එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත්, 1983 - 1984 කාලසීමාව තුළ එරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට A සාමාර්ථ 2ක්, B සාමාර්ථ 2ක්, සහ C සාමාර්ථ 3ක් සමග එම විභාගය සමත් වූ බවත් එහි ප්‍රතිපල ලේඛණ ගෙන හැර දක්වමින් පෙන්වා දුන්නා.

මේ අතර එක්තරා ගුරුවරයෙකු තමාගේ ප්‍රතිපල යැයි සඳහන් කරමින් W9ක ව්‍යාජ ප්‍රතිපලයක් නිකුත් කර ඇති බවත්, උසස් පෙළ හා සමාන Upper 6th පන්තියේ දී දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා මිල්හිල් විද්‍යාලයේ School Prize එකත් ලබා ගත් බව කියා සිටියා.

තව ද උසස්පෙළ විභාගය සඳහා B සාමාර්ථ 2ක් C සාමාර්ථයක් ලබා ගනිමින් සමත් වූ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

"එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.එහිදී ඕලෙවල් විභාගයට පෙනී සිට එය සමත් වුණා.ඒ කියන්නේ මා පෙනී සිටියේ ලන්ඩන් ඕලෙවල් විභාගයට.

මිල් හිල් විද්‍යාලයේ උසස් පෙළ විෂයට මා ත්‍යාග ලබා තිබෙනවා.බී දෙකක් සහ සී දෙකක් මට උසස් පෙළ ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල මුල් කරගෙන එංගලන්තයේදී උපාධිය හදෑරුවා.( විපක්ෂ නායකවරයා උපාධි සහතිකය සභාවට පෙන්වයි).ඉන් පසුව ඇමරිකාවේදී මාස්ටර් උපාධිය සඳහා තෝරා ගැනෙනවා.නමුත් මගේ පියාගේ අභාවයෙන් පසුව මේ රටට එන්න තීරණය කළා.ඒ නිසා එය සම්පූර්ණ කරගන්නට බැරි වුණා.ඇමරිකාවේ මාස්ටර් උපාධිය හදාරනරන සමයේ එහි සෙනෙට් සභිකයෙක් ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කළා.

නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතු කරන අතරතුර 2021 2022 වසර වල මා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.ඒ මාස්ටර් උපාධියක් සඳහා.එහිදී දැන් අගමැතිවරිය වන හරිනි අමරසූරිය පැවැත්වූ වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. එතුමිය හොඳ ගුරුවරියක්.හැබැයි මේ දේශපාලන කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු එක දිගට ක්‍රියාත්මක කිරීම අසීරු කාර්යයක් වුණා.කරුණු බොරු නම් මන්ත්‍රීකමෙන් මෙන්ම විපක්ෂ නායකකමින් ඉවත් වන්න මා සූදානම්.

මම නිකමට උප්පැන්න සහතිකයත් අරගෙන ආවා.කවුරු හරි ප්‍රශ්න කලොත් පෙන්වන්න."





ReeCha