විදුලි ගාස්තු අඩුවෙයිද? ප්‍රබලයකුගෙන් විරෝධයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව විසින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තියෙන් පාරිභෝගිකයන්ට මෙන්ම පූනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන බවයි.
ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ එමඟින් අඩු ආදායම්ලාභීන් වින්දිතයන් බවට පත් කරන බවත් වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන්ගෙන් ගාස්තු අය කිරීමේ යෝජනා සහ එක් ඒකකයක් සඳහා රුපියල් 67ක ගාස්තුවක් අය කරන කාල භාවිත ක්‍රමවේදයක් පැනවීමේ උත්සාහයන් අසාධාරණ බවත්ය.
සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ ජනතාව වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එමඟින් නීතිය හා සාමය පවත්වා ගැනීමට අහිතකර බලපෑමක් ඇති වන බවත් දිවා කාලයේදී පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන ඒකක මත පදනම්ව සූර්ය විදුලි ජනනයන් සඳහා ගාස්තු ගෙවීම් වැනි යෝජනා මහජන අදහස් විමසීමකට භාජනය කළ යුතු බවත්ය.
ඔහුගේ X ගිණුමෙහි සටහනේ වැඩිදුරටත් සදහන් වූයේ විදුලි ගාස්තු 33%කින් අඩු කරන බවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක නොකර 11.57%කින් ගාස්තු ඉහළ නැංවීම සිදුනොකළ යුතු අතර අවශ්‍ය උපරිම ප්‍රමාණයට පුනර්ජනනීය බලශක්ති අංශයට සහාය ලබාදිය යුතු බවයි.
