සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුමබණ්ඩාරට දින දෙයි..!

R M Ranjith Madduma Bandara Sajith Premadasa Diana Gamage
By Sewvandhi Jan 25, 2023 11:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සම අද (25) කොළඹ දිසා අධිකරණයේදී කැඳවීය. එනම්, සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු සමගි ජන බලවේගයේ නිලතල දැරීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

ඒ අනුව එම පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය එම පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට දින ලබා දුන්නා.

මෙම පෙත්සම කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට අධිකරණය මාර්තු මස 31 වනදා දක්වා කල් ලබාදුන්නේය.

පෙත්සම්කාර ඩයනා ගමගේ මහත්මිය කියා සිටින්නේ සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයෙකුට එම බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකයින් යැයි පෙන්වා දෙන ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ඔවුන්ට එරෙහිව එම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවතින බවත් පෙන්වා දෙන්නීය.

ඒ අනුව සමගි ජනබලවේගයේ සභාපති හා මහලේකම් ධුර දැරීමට සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට නීතිමය පදනමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now