සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර විවාදයට දින 04ක් නම් කරයි..අනුර සජිත්ගේ අභියෝගය භාරගත් හැටි මෙන්න..

Anura Dissanayake R M Ranjith Madduma Bandara Sajith Premadasa Janatha Vimukthi Peramuna Samagi Jana Balawegaya
By Aruna Apr 23, 2024 12:04 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති, විවාදයට දින නියම කරමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබෙන බව වාර්තා වනවා.

අදාළ විවාදය එළඹෙන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක යොදා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බවයි, එමගින් දන්වා ඇත්තේ.

කෙසේ වෙතත් මීට පෙර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයට අභියෝග කර සිටියේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය ප්‍රථමයෙන් සිදුකළ යුතු බවටයි.

මේ අනුව ජාතික ජන බලවේගය විසින් ලබාදී ඇති දිනයන්ට විවාදය පැවැත්වීමට සමගි ජන බලවේගයේ සූදානම ගැන මෙතෙක් දැනුම්දී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විවිධ කරුණුකාරනා කියමින් විවාදය පසුපසට නොදා තවත් පර්ශවයන් වලට භාර නොදී, කොන්ද කෙලින් තියන් වැඩ කරන නියම මහජන නියෝජිතයින් ලෙස දෙපාර්ශවයේ නායකයින් අදාල දිනයක විවාදයට පැමිණෙතැයි දැඩි අපේක්ෂාවෙන් සිටියි.

එවන් තත්ත්වයක් තුල ආර්ථික කමිටුවලට පළමුව අවස්ථාව දෙන්න යැයි ප්‍රකාශ නොකර, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර යන නායකයින් දෙදෙනා පමණක් නියම මහජන නියෝජිතයන් ලෙස නොබියව පළමුව විවාදයට පැමිණෙතැයි මහ ජනතාව දැඩි අපේක්ෂාවෙන් සහ උනන්දුවෙන් බලා සිටියි.