සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කියා සිටියේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (27) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂ නායකවරයා සිය උප්පැන්න සහතිකයේ සිට එනම් මොන්ටිසෝරි සහතිකේ පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පෙන්වා ඇති කාරණයෙන් ගම්‍ය වන්නේ ඔහු දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ඇති බවයි.
එමෙන්ම, විපක්ෂය යනු සර්වජන බලය පක්ෂය බවත් එය එඩිතර විපක්ෂය බවත් විපක්ෂය යනුවෙන් නමින් හැඳින්වූ පළියට එය විපක්ෂය නොවන බවත් මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.
කෙසේ වෙතත්, විපක්ෂයේ ක්‍රියාදාමය, විපක්ෂය කටයුතු කරන ආකාරය, ඔවුන් ජනතාව සමග කටයුතු කරන ආකාරය ජනතාව තීරණය කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.
You May Like This Video👇
.