විපක්ෂ නායක හදිසියේම හවුල් පක්ෂ 9යේ නායකයින් හමුවෙයි..! අරගලයේ සාමාජිකයන් සමඟත් විශේෂ හමුවක්..(VIDEO)

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය.

සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද , හවුල් පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.

ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමට තමාද ඉදිරිපත් වන බැවින් ,ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම අද දිනයේ අරගලයේ සාමාජිකයන්වද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා.එම හමුවීමෙන් පසු අරගලයේ සාමාජිකයින් දැක්වූ අදහස් පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now