ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හතරවෙනි කුළුණ නිදහස් ජනමාධ්‍ය සජිත් කියයි
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 4 වෙනි වරට සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ.
සමාරම්භක අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරු එක්ව තිබේ .
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කණ්ඩායම් 6 ක් මේ සඳහා තරග කර ඇත.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු පිරිසක් සභාව ආමන්ත්‍රනය කර තිබේ තරගාවලිය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල් පන්දුවට පහර දී තිබේ.
පන්දු යැවීම සිදු කලේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතායි. තරගාවලිය ඊයේ දින පුරා පවත්වා ඇත.
විපක්ෂ නායකවරයා මෙම සභාව අමතා සදහන් කළේ මෙවන් අදහසක්
මේ අවස්තාව මිත්‍රශීලීත්වය සහෝදරත්වය සංහිදියාව එකමුතුකම පෙන්වන අවස්තාවක් .පිට පිටම 4 වෙනි වතාවටත් නොයෙකුත් දුෂ්කරතා හමුවේ පැවැත්වීම් ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය කටයුතු කිරීම ප්‍රශංසනීයයි . ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හතරවෙනි කුළුණ ඔබයි. ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂා කරන මූලික කුළුණු 3 ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය ලෙස කුළුණු 3 ක් ලෙස සලකලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කුළුණු විදිහට සැළකුවත් අපි විශ්වාස කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හතරවෙනි කුළුණ නිදහස් ජනමාධ්‍ය කියලා ඒ වගේම නිදහස් ජනමාධ්‍යවේදීන්ට විපක්ෂනායකවරයා ප්‍රණාමය පුදකළේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් කර්න සේවයටයි.