රාජ්‍ය නිලධාරීන් රැසක් මැද විපක්ෂනායක කට අරී - ගල්අඟුරු ප්‍රශ්නේ ආයෙත් උඩුදුවයි
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන් වූ නෞකා පහේම අන්තර්ගතව තිබුණේ බාල ගල්අඟුරු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (12) දින රැස්වූ යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි. යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස්වූ අතර ඊට ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ව කැඳවා තිබූ බව වාර්තා වේ.
එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ නොරොච්චෝලේ "ලක්විජය" බලාගාරය සඳහා ගෙන්වූ ප්‍රශ්නගත ගල්අඟුරු සම්බන්ධව බව ද සඳහන්.