සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනාවක් - “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා”
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් අද (8) පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, අදාළ පෙත්සම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඉදිරිපත් කර ඇති බවට චෝදනා කළා.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ මොහොත වන විට, මේ කාල සීමාව තුළ ඉදිරිපත් කරපු පෙත්සමක්. ඒක ඇත්ත වශයෙන් මෙම පෙත්සම්කරුවන්, මම කියන්න කැමති දුලාර ගුණතිලක සහ ශාන්ත ජයතිලක..... (බාධාවන්) නැහැ, අහගන්න පොඩ්ඩක් ඉන්න... මේක ව්‍යවස්ථානුකූල ප්‍රශ්නයක්..”
කෙසේ වෙතත්, මෙහිදී කථානායකවරයා සඳහන් කළේ අදාළ කරුණ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ විවාදයට ගත නොහැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ,
“ගරු කථානායකතුමනි, මම බොහෝම පැහැදිලිව ස්ථාවර නියෝග 50, 3 යටතේත්, ඒ වාගේම ස්ථාවර නියෝග 92, 2(ආ) යටතේත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාවට ප්‍රකාරව මං මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ගේන්නේ. ඔබතුමා ලැයිස්තුවක් කියවගෙන ගියා. මේ ජෙනුයින් පොයින්ට් ඔෆ් ඕඩර් එකක්..”
අනතුරුව කථානායකවරයා යළිත් අවධාරණය කළේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ලබාදෙන තෙක් අදාළ පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට හෝ සභාගත කිරීමට නොහැකි බවයි.