සහරාන්ගෙන් පුහුණුව ලැබූ තරුණයෙක් මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයකින් හමුවෙයි.
හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහරාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ දේශනය 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් පවත්වා ඇති අතර එහිදී අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තරුණයා වයස අවුරුදු 23ක් වන නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් නැමැත්තෙක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරු මෙම අන්තවාදී පුහුණු වැඩසටහන සඳහා සභාගීවූ බවට දුරකතන දත්ත වාර්තා මගින් අනාවරණය කරගත් බවයි.