තව සුළු මොහොතකින් පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද(10) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ දැනුම් දීමට අනුව තමන් පෙරවරු 10.30ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින බවයි.
එමෙන්ම පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබාදී තිබෙන බවට පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසූ බව සඳහන්.