පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්ට ඇප

Report

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදුකිරීම, රජය සහ ජනාධිපතිවරයාව මහජනයා අතර, අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම යන චෝදනා යටතේ සාගර කාරියවසම් මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.