පොහොට්ටුවේ මහ ලේකම් සාගර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට එයි

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඒ මහතා අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබේ.

   ඒ අනුව අදාළ පරීක්ෂණය සඳහා ඒ මහතා අද දිනයේදී මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.