Mrs Sri Lanka World 2025 කිරුළ සබීනා යූසෆ් ජයග්‍රහණය කරයි

Report

මෙවර Mrs Sri Lanka World 2025 කිරුළ ජයග්‍රහණය කිරීමට සබීනා යූසෆ් සමත් විය.

ඒ අනුව ඇය ඉදිරියේදී පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ (Mrs. WORLD) තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනු ඇත.

ඇය තවමත් 25 හැවිරිදි වියේ පසුවන සබීනා යූසෆ් ශ්‍රී ලංකාවේ සහ ඩෙන්මාර්කයේ දිවිත්ව පුරවැසිභාවය දරන අතර ඇය ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසයේම වැඩිම සැප්තැම්බර් පැමිණීම්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසයේම වැඩිම සැප්තැම්බර් පැමිණීම්

ඇය විවාහ වී සිටින්නේ Zakaria Yousaf සමගින් වේ. ඊයේ (02) පස්වරුවේ රත්මලානේ පිහිටි සිරස Stein Studio හීදී Mrs Sri Lanka World 2025 අවසන් මහා තරඟය පැවැත්වුණු අතර අවසන් වටයට තේරී පත් වූ තරගකරුවන් පස්දෙනෙක් අතරින් ජයග්‍රාහිකාව තෝරා ගනු ලැබීය.

එ වගේම තවත් විශේෂත්වයක් වන්නේ මෙම අවස්ථාවට විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් 2024 ලෝක විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු ජාතික Tshego Gaelae සහභාගී වීමයි .

මෙම තරගයේ ජාතික අධ්‍යක්ෂක ලෙස චන්දිමාල් ජයසිංහ කටයුතු කරන අතර ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක කටයුතු කරනු ලබයි. 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery