UGC එකෙන් මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිව හදිසියේම ධූරයෙන් ඉවත් කරන්න යයි?
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත එම ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි පරිපාලන කටයුතු සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
කෙසේ වුවද ඔහු මෙම ධුරයෙන් ඉවත් කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව ද සඳහන්.
මාව කඳවුරෙන් පන්නන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නෑ...කඳවුරට දවසක නායකත්වය දෙනකල් මම ඉදිරියට යනවා - අවුළවන අයට හර්ෂගෙන් තරවටුවක්
මේ සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව සඳහන් කළ බව වාර්තා වේ.