රුසියානු බැංකු වලින් යුක්‍රේනය ගොඩනගන්න සැලසුමක්..
යුක්‍රේන - රුසියානු යුද්ධය අතරතුර දී රුසියානු මූල්‍ය බැංකුවලින් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 460කට වඩා වටිනා වත්කම් ප්‍රමාණය රට නැවත ගොඩනැගීමට සහ යුක්‍රේනියානුවන්ට වන්දි ගෙවීමට භාවිතා කිරීමට සැලසුම් සකස් කර ඇති බව යුක්‍රේන අගමැති ඩෙනිස් ෂ්හ්මිහාල් (Denys Shmyhal) පවසනවා.
යුක්‍රේනයේ ලිවිව්හි නගරයේ පැවති සමුළුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, යුක්‍රේන ප්‍රජාව යළිත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජසන්තක කරන ලද වත්කම් භාවිත කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බවයි හෙතෙම සඳහන් කළේ.
ජාත්‍යන්තර ගිවිසුමක් මත පදනම් ව රට යළිත් සංවර්ධනයට පත් කිරීමට සිය මිත්‍ර පාක්ෂික රටවල් සමග සාකච්ඡා කර කටයුතු කරන බව ද යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
වන්දි ගෙවීමේ දී යුද්ධයෙන් සිදු වූ පාඩු පිළිබඳ සඳහන් වන ජාත්‍යන්තර ලේඛනයක්, වන්දි ලබා ගැනීම සඳහා වන අයදුම්පතක්, එය සලකා බැලීමේ කොමිසමක් සහ වන්දි ගෙවන අරමුදලක් ද ඊට ඇතුළත්.
එමෙන්ම රටේ අත්‍යවශ්‍යම සේවා වන බලශක්ති සහ යටිතල පහසුකම් ඇතුළු සෞඛ්‍ය ආදී අංශ ශීඝ්‍රයෙන් ගොඩගැනීමට අමෙරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් ලද බිලියන ගණනක ආධාර භාවිත කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.
නෝර්වේ සහ ජපානය ද යුක්‍රේනය ගොඩගැනීමට මූල්‍යාධාර සහ ශ්‍රම දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |