යුද්ධය ගැන සෘජු සාකච්ඡාවකට යුක්‍රේනයට රුසියන් ජනපතිගෙන් ඇරයුම්

Russo-Ukrainian War Ukraine Russia Sinhala news
By Hashini May 11, 2025 04:55 AM GMT
Hashini

Hashini

Report

රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසන්නේ යුද ගැටුම් සම්බන්ධයෙන් යුක්‍රේනය සමග මැයි 15 ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

එහිදි ඔහු සඳහන් කළේ පූර්ව කොන්දේසියකින් තොරව සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

ගැටුම් සඳහා හේතු වූ සාධක ඉවත් කර, කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද සූදානම් බව ද එම සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්රේනයේ කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා පැය කිහිපයකට පසු එම යෝජනාව රුසියානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇතැයි සඳහන්. 

අමාත්‍යංශ කිහිපයක් අතර ගැටුමක්...මුදල් අමාත්‍යංශය කරන්න යන දේ....

අමාත්‍යංශ කිහිපයක් අතර ගැටුමක්...මුදල් අමාත්‍යංශය කරන්න යන දේ....

ReeCha