රුසියාවට ඇමරිකාවෙන් රතු එළියක්..

By Aruna Dec 28, 2024 04:11 AM GMT
Report

දෙසැම්බර් 25 වන දින පුද්ගලයින් 38 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක් වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කඩා වැටීමට රුසියාව වගකිව යුතු බවට අමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කරන බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි මහතා ප්‍රකාශ කර සිටිනවා.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මෙම J2-8243 යානය අනතුරට ලක් වන විට එහි මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වුණේ.

මිනිසා විසින් නිපදවු යානයක් සූර්යයාට සමීපතමව ලඟාවෙයි..අභිරහස් තොරතුරු රැසක් එළියට එයි.

මිනිසා විසින් නිපදවු යානයක් සූර්යයාට සමීපතමව ලඟාවෙයි..අභිරහස් තොරතුරු රැසක් එළියට එයි.


මෙම අනතුර පිළිබඳ විමර්ශනයට අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබා දුන් බවයි, මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ.

මෙම යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවලින් යානය ප්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. එහිදීයි යානය කඩා වැටී ඇත්තේ.

නමුත් මේ පිළිබඳව අදහස් දැක්වීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර ඇතත්, රුසියානු සිවිල් ගුවන් සේවා ඒජන්සියේ ප්‍රධානියා පවසා ඇත්තේ, යුක්‍රේන ඩ්‍රෝන යානා කලාපයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් චෙච්නියාවේ තත්වය “ඉතා සංකීර්ණ” බවයි.