රුසියානු තානාපතිවරයා ජනපති ලේකම් හමුවෙයි

Report

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය.

මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටටම බලපාන පොදු කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

තවද මෙහිදී සංචාරක, වෙළෙඳ, තාක්ෂණික ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවද අවධානය යොමුව තිබේ .

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී German FEDOROV සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද එක්ව තිබේ.

මාලිමා අපේක්ෂකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

මාලිමා අපේක්ෂකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්