ලොවම කම්පා කරමින්, න්‍යෂ්ටික බලාගාරයේ පිහිටි විකිරණ නවාතැනට බිහිසුණු ඩ්‍රෝන ප්‍රහාරයක්..!

Report

යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසන්නේ, යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිහිටි විකිරණ නවාතැනට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

විදෙස් වාර්තා සදහන් කළේ, ප්‍රහාරයත් සමග අදාළ ස්ථානයේ ඇති වූ ගින්න නිවා දමා ඇති බවයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අදාළ ස්ථානයේ පරික්ෂා කිරීමක් සිදු කර තිබූ අතර, බලාගාරයෙන් විකිරණ පිටවන තරම් හානියක් සිදුව නොමැති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් රුසියාව මෙම ප්‍රහාරය පිළිබද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

වසර 1986 දී චර්නොබිල් බලාගාරයේ ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර සිදු වූ අතර එම අවස්ථාවේදී අදාළ විකිරණශීලී ද්‍රව්‍ය යුරෝපය පුරා පැතිර යාමත් සමග හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කළා.

You may like this video 👇