“ළමයින්ට ඕනෑ කරන පහසුකම් සහ ග්‍රවුන්ඩ් හදලා දෙන්න” - ආසියානු රන් පදක්කමත් දිනූ රුමේෂ් දිවයිනට එද්දී ඉල්ලීමක් කරයි

Report

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ඉතිහාසගත වූ ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ඊයේ (30) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු රාත්‍රී 11.30ට පමණ හොංකොං සිට Cathay Pacific ගුවන් සේවයේ CX-611 ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

එහිදී ඔහුව පිළිගැනීම සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ක්‍රීඩා පරිපාලකයන්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයන්, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් එක්ව සිටියහ.

රුමේෂ්ගේ පවුලේ සාමාජිකයන් ද ඔහු පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ තිබේ. ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ රන් පදක්කම දිනාගැනීමේ අරමුණින් තමන් ජපානයට ගිය බවයි.

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී රුමේශ් තරංගට ජපානයෙන් Honda Vezel රථයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී රුමේශ් තරංගට ජපානයෙන් Honda Vezel රථයක්

එමෙන්ම එම ඉසව්වේ පවතින ආසියානු වාර්තාව බිඳ දැමීමටද තමන් බලාපොරොත්තු වූ බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, නගෝයාහි පැවැති තරගය අතරතුර පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම වාර්තාව බිඳ දැමීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේය.

තමන්ට සහාය දැක්වීම සඳහා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිලෝමීටර් 600ත් 700ත් අතර දුරක් ගෙවා නගෝයා ක්‍රීඩාංගණයට පැමිණි බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කරන බවත් රුමේෂ් තරංග පැවසීය.

“ඇත්තටම ලංකාවේ ක්‍රීඩාවෙන් මෙඩල් ගේන්න කියලා ඒ ළමයින්ට බල කරනවට වඩා වටිනවා ට්‍රැක් එකක් හදලා දීලා, ඒ ළමයින්ට අදාළ කරන Equipment හදලා දීලා, ඒ ළමයින්ට ඕනෑ කරන ග්‍රවුන්ඩ් එකක් හදලා දීලා. එතැන දන්නේ නැතිව ළමයින්ට මෙඩල් ගේන්න කිව්වා කියලා ඒ ළමයින්ට මෙඩල් ගේන්න බැහැ.”

සැප්තැම්බර් 28 වැනිදා නගෝයාහි Mizuho Park Athletic Stadiumහි පැවැති පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරගයේදී මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් රුමේෂ් තරංග රන් පදක්කම දිනාගත්තේය.

එහිදී ඉන්දියාවේ Yashvir Singh මීටර් 84.72ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් අතර, ඔහුගේ සගයා වන Rohit Yadav මීටර් 84.35ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාවේ අනෙක් ක්‍රීඩකයා වන සුමේධ රණසිංහ මීටර් 78.08ක දුරක් වාර්තා කරමින් හයවැනි ස්ථානයට පත්විය. රුමේෂ් තරංග පතිරගේගේ මෙම ජයග්‍රහණය 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම බවට පත්විය.

ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වෙන් රිදී පදක්කමක්ද දිනාගෙන තිබේ.          

රුමේෂ් තරංග ලංකාවෙන් පිට වෙයි - සුපිරි මළල ක්‍රීඩක රුමේෂ් තරංග පාන්දරම ජපානය වෙත

රුමේෂ් තරංග ලංකාවෙන් පිට වෙයි - සුපිරි මළල ක්‍රීඩක රුමේෂ් තරංග පාන්දරම ජපානය වෙත