ඔලිම්පික් ශූරයෙක් පරදා ලංකාවේ හෙල්ල ශූරයාගෙන් විශිෂ්ට ජයක් - ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට

Report

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ මෙම තරගයේ දී මීටර් 88.14ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගෙන තිබෙනවා.

එසේම මෙම ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයක් වේ.

එමෙන්ම මෙම තරගයේදී ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා, මීටර් 88.05ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර එය නීරාජ් චෝප්රා මෙවර තරග වාරයේ දැක්වූ ඉහළම දක්ෂතාවද විය.

ලෝක කුසලානේ පැරදිලා නටපු නාඩගමට FIFA වෙතින් ආර්ජන්ටිනාවට දරුණු දඬුවමක් - ලෝක ප්‍රසිද්ධ තරු 30කට වැඩ වරදී

ලෝක කුසලානේ පැරදිලා නටපු නාඩගමට FIFA වෙතින් ආර්ජන්ටිනාවට දරුණු දඬුවමක් - ලෝක ප්‍රසිද්ධ තරු 30කට වැඩ වරදී

එසේම තරගයේ තෙවන ස්ථානය හිමිවූයේ මීටර් 86.69ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ටයි.

කෙසේ වෙතත් 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ, 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ද රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව හිමිකරගත් 6 වන රන් පදක්කම බවට පත් කරමින්.  

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න