යළිත් වරක් රුමේෂ් ලෝකෙටම ශූරයෙක් වෙයි - හෙල්ලෙන් පෑ විස්කමට රන් පදක්කමක්
ජූලි 31 වන සිකුරාදා, එනම් ඊයේ දින ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග පතිරගේ, පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා දීමට සමත් විය.
ඒ අනුව මීටර් 89.75ක් දුර හෙල්ල විසි කිරීමෙන් සිය ජයග්‍රහණය ඔහු තහවුරු කිරීමට සමත් විය.
මේ අතර ටෝකියෝ 2020 ඔලිම්පික් ශූර ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා මීටර් 85.83 ක දුරක් විසි කරමින් රිදී පදක්කම හිමි කර ගෙන්ම තිබුණා.
එසේම ඉන්දියාවේම යෂ් වීර් සිං මීටර් 85.41 ක දුරක් විසි කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් ව තිබුණා.