රුමේෂ් තරංගගෙන් සුපිරි ජයක් - හිටපු ලෝක ශූරයන්ට ළඟටවත් එන්න බැරි වෙයි [VIDEO]

Report

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ පැවති සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.මෙරට වේලාවෙන් අද (28) අලුයම අවසන් වූ තරගයේදී රුමේෂ් මීටර් 92.07ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනාගත්තේය.

රුමේෂ් සිය ක්‍රීඩා දිවියේ මීටර් 92 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව මෙය වන අතර, මේ වසරේ ජුනි මාසයේ පැවති රෝම ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කිරීමටද ඔහු සමත්විය.

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි මේ වනවිට පෙරමුණේ පසුවන 23 හැවිරිදි රුමේෂ්, මෑතකදී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දක්ෂතාවක් වාර්තා කරමින් රන් පදක්කමද දිනා ගත්තේය.

දිනුවා කියලත් කිව්වේ මහත්තයා ඇහුවට පස්සේ.. පස් වතාවක් ලෝක ශූරයා වූ මැග්නස් කාල්සන් පරද්දපු 15 හැවිරිදි පුංචි ශූරයා ලෝකෙම හොල්ලයි

දිනුවා කියලත් කිව්වේ මහත්තයා ඇහුවට පස්සේ.. පස් වතාවක් ලෝක ශූරයා වූ මැග්නස් කාල්සන් පරද්දපු 15 හැවිරිදි පුංචි ශූරයා ලෝකෙම හොල්ලයි

සූරිච් තරගයේ දෙවැනි ස්ථානය ග්‍රෙනාඩාවේ හිටපු ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස්ට හිමි වූ අතර ඔහු මීටර් 86.93ක දුරක් වාර්තා කළේය. පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් මීටර් 85.16ක පෞද්ගලික හොඳම දක්ෂතාවක් දක්වමින් තෙවැනි ස්ථානයට පත්විය.

2012 ලන්ඩන් ඔලිම්පික් රන් පදක්කම්ලාභී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ක්‍රීඩක කෙෂෝන් වෝල්කොට් මීටර් 83.02ක් දුරක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානයත්, කෙන්යාවේ ජූලියස් යෙගෝ මීටර් 81.66ක දක්ෂතාවක් සමඟ පස්වැනි ස්ථානයත් හිමිකර ගත්හ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ඔලිම්පික් ශූර නීරාජ් චොප්රා සූරිච් ඩයමන්ඩ් ලීග් අදියර සඳහා සහභාගි නොවීය. මෙම ජයග්‍රහණයත් සමඟ මේ වසරේ රුමේෂ්ගේ විශිෂ්ට දක්ෂතා තවදුරටත් තහවුරු වී තිබේ.

ඔහු 2026 වසරේ මේ දක්වා සහභාගි වූ තරග 12කින් තරග 11කදීම ජයග්‍රහණය කර ඇති අතර, එහි අඛණ්ඩ ජයග්‍රහණ හයක්ද ඇතුළත් වේ. රෝම, ඔස්ට්‍රාවා සහ දෝහා ඩයමන්ඩ් ලීග් අදියරයන්හිදීද ජයග්‍රහණ වාර්තා කිරීමට රුමේෂ් සමත්වීම ඔහුගේ වත්මන් ආධිපත්‍යය මනාව පෙන්නුම් කරයි.

ඔලිම්පික් ශූරයෙක් පරදා ලංකාවේ හෙල්ල ශූරයාගෙන් විශිෂ්ට ජයක් - ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට

ඔලිම්පික් ශූරයෙක් පරදා ලංකාවේ හෙල්ල ශූරයාගෙන් විශිෂ්ට ජයක් - ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට