මට විවේකයක් අවශ්‍යයි - ඔහු නවතීද? ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වශයෙන් ශ්‍රේණිගත වීමට නියමිත ඔහුගෙන් පුංචි සටහනක්

Report

පිට පිටම ලක් මවට කීර්තියක් අත් කර දුන් ඔහු මේ දිනවල ලෝකෙම ඉදිරියේ බෙහෙවින් කතාබහ කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් වී අවසන්.

නමින් රුමේෂ් තරංග වන ඔහු අවසන් වරට ක්‍රීඩා කළ 2026 දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ද ඊයේ(19) රාත්‍රියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ඒ ඔහුගේ අඛණ්ඩ දෙවන ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණය බවට එම ජය වාර්තා අතරට එක් කරගනිමින්.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 88.68ක්.

ලෝකෙම පුදුම කරමින් රුමේෂ් තරංගට තවත් ජයග්‍රහණයක් - ලෝක ශූරයනුත් පරදා ඉදිරියට

ලෝකෙම පුදුම කරමින් රුමේෂ් තරංගට තවත් ජයග්‍රහණයක් - ලෝක ශූරයනුත් පරදා ඉදිරියට

එසේම ඊට පෙර ඔහු, නිමාවට පත් වූ රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මිටර් 92.62ක දක්ෂතාවක් ද පෙන්නුම් කිරීමට සමත් වූයේ ලෝකෙම අවධානය තමා සතු කර ගනිමින්.

මෙම දක්ෂතාවත් සමඟ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වශයෙන් ශ්‍රේණිගත වීමට නියමිත බවට වාර්තා වෙන පසුබිමක ඔහු සිය මුහුණු පොතට එක කළ තිබුණේ තමාට විවේකයක් අවශ්‍යයි බවයි.

ලක්මවට කීර්තියක් අත් කර දීමට, මෙතරම් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ඔහු ක්‍රීඩකයෙක් ලෙස පැමිණ ඇත්තේ දිගු ගමනක් බව නොඅනුමානයි.

කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා සිංහයන් දැමූ සුපිරි සෙල්ලම- සත්කාරකයෝ අන්දමන්ද වෙති

කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා සිංහයන් දැමූ සුපිරි සෙල්ලම- සත්කාරකයෝ අන්දමන්ද වෙති

ඒ නිසාම ඔහුගේ මෙම පුංචි සටහන සමාජ මාධ්‍ය පුරා අවධානය දිනා ගැනීමට සමත් වුණා.

කොහොම වුණත් ඔහුගේ මෙම සටහනත් සමඟ ඒ ගමන කොපමණ වෙහෙසකර වුවත් සාර්ථක අවසානයක් තෙක් රැඳී සිටි ඔහුගේ කැපවීමට,ධෛර්යයට වගේම ඔහුගේ මේ ජයග්‍රහණ සඳහාත් සුබ පැතුම් රැසක් එක් කිරීමට ලාංකිකයන් අමතක කළේ නැහැ.

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්