විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසකට තහනමක්..! කලහකාරී තත්ත්වයක්..

By Sewvandhi Feb 27, 2023 09:25 AM GMT
Report

 රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. ඒ ඊයේ(26) රාත්‍රියේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.

ඒ අනුව අද පස්වරු 2ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටවන ලෙසට සිසුන්ට දන්වා තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයාබැලීම සඳහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් ඇති බවය.

පසුව ඔහු නැවත යළි සිය නවාතැන වෙත පැමිණි අවස්ථාවේ එහි පැමිණි සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිඳට සහ මවට පහරදී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පාලකවරයාගේ බිරිඳ සහ මව ආඳපාන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now