බන්ධනාගාර ගතව සිටි රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 21දෙනාට ඇප
සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 21 දෙනාට ඇප හිමිව ඇත
එ සදහා හේතු වී ඇත්තේ (19) දින පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් වේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම නිර්මාණය වී තිබුණි.
ඒ අනුව බන්ධනාගාර ගත කර තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 21 දෙනා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට නියම කර ඇත.
මෙම සිසුන් පිරිස නැවතත් 2026 මැයි මස 12 වනදා යළි කැඳවීමට නියෝග නිකුත් කර තිබේ.