මත් ජාවාරමෙන් හදපු කෝටි 5ක මන්දිරය ඇතුළු දේපළ සියල්ල තහනම් කරද්දි සැකකාරිය පලා යයි
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන උස්වැටකෙයියාව සහ වත්තල ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු දේපළ ක්‍රියාවිරහිත (තහනම්) කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගෙනයි. පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර නීති විරෝධී ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
ඒ අනුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකාරිය උස්වැටකෙයියාව, පුබුදුගම ලිපිනයේ පිහිටි පර්චස් 20ක ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 05ක වටිනාකමකින් යුත් සුඛෝපභෝගී දෙමහල් නිවස මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් ඉදිකර තිබෙන බවයි.
එමෙන්ම පෙලිසිය සඳහන් කළේ ඇය විසින් වත්තල, නුගපේ, කුංජාවත්ත ලිපිනයේ පිහිටි පර්චස් 9.5ක ඉඩමක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා නිවස සහ කඩ කාමරය ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින්ම ඉදිකර ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.
එබැවින් එම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අඳාළ දේපළ ඊයේ (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07ක කාලයකට ක්‍රියාවිරහිත කිරීමට (තහනම් කිරීමට) නියෝග නිකුත් කර ඇත.
එමෙන්ම මෙම වංචනික දේපළවල හිමිකාරිය වන සැකකාරිය මේ වන විට ප්‍රදේශය අත්හැර පලාගොස් තිබෙන අතර, ඇය අත්අඩංගුවට ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි