කෝටි 50 ක කුෂ් මෙරටට ගෙනා තුන්දෙනෙක් ගුවන් තොටුපළේ දී කොටු
රුපියල් කෝටි පනහක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් අද (06) දින උදෑසන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී විදේශීය ගුවන් මගීන් තිදෙනක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළ තුළ දී මෙතෙක් අත්අඩංගුවට ගත් වටිනාකම සහ ප්‍රමාණයෙන් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස එය ලෙසට වාර්තා වේ තවද මෙම පුද්ගලයන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙක් බව සඳහන් වේ .
ඒ වගේම පිරිමි පුද්ගලයා 27 හැවිරිදි මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙක් වේ තවද අනෙක් කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන පාසැල් ගුරුවරියන් දෙදෙනෙකි.
මොවුන් අතරින් එක් ගුරුවරියක සමග මෙහි පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් ගුරුවරිය ඔහුගේ නැගණිය වේ.
තවද රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනුයේ ඔවුන් වෙත බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී , මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බවයි.
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් අද (06) දින උදෑසන 11.07 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සදහන් වේ .
තවද මෙම පුද්ගලයන් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48 ක් තුළ , මෙම කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර කටුනායක ගුවන් තොටුපොළ තුළ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස වාර්තා ගත වී තිබුණේ ඉකුත් වසරේ වෙසක් පෝය දින බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 46 ක ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය වේ.
තවද මෙලෙස අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත තව දුරටත් විමර්ශන කටයුතු සදහා භාර දීමට පියවර ගෙන ඇත.