දිට්වා නිසා බලපෑමට ලක් වූ නිවාස සඳහා දීමනා - ප්‍රතිලාභීන් 99.9%කට ගෙවා අවසන්

Report

දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යාවශ්‍ය මුළුතැන්ගෙයි බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන රු. 50,000 ක දීමනාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

අවුරුදු 18 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්? සිංගප්පූරුවෙන් අලුත් නීතියක්

අවුරුදු 18 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්? සිංගප්පූරුවෙන් අලුත් නීතියක්

ඒ අනුව රුපියල් 50,000 ක දීමනාව ගෙවා අවසන් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 166,837ක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. තවදුරටත් ගෙවීමට ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 415 බවද එම අමාත්‍යශය සඳහන් කරයි. එමෙන්ම ගෙවා ඇති මුදල රුපියල් මිලියන 8,341.85ක් වන අතර එම ගෙවීම් ප්‍රගතිය ප්‍රතිශතයක් වශයෙන් 99.95%ක් බව සඳහන් වේ.