ඇඟිලි සලකුණටත් හොරෙන් රේගුවෙන් ගෙවූ කෝටි 142ක අතිකාල දීමනා

Report

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයෙන් සේවයට පැමිණීම හා පිටවීම තහවුරු නොකර ශ්‍රී ලංකා රේගුව විසින් 2025 වර්ෂයේදී රේගු නිලධාරීන්ට අතිකාල දීමනා ලෙස රුපියල් බිලියන 1.426කට අධික මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

විගණන වාර්තාවට අනුව, නැව්බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් මිලියන 92.02ක් සහ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස තවත් රුපියල් මිලියන 12.97ක් ද නිලධාරීන්ගේ පැමිණීම හා පිටවීම විධිමත් ලෙස තහවුරු නොකර ගෙවා තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සේවයට පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් අනිවාර්යයෙන් සනාථ කළ යුතුය.

එමෙන්ම, 2023 සහ 2024 වසරවල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ද සියලු රේගු නිලධාරීන් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමට නිර්දේශ කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

''අවුරුදු 20කට කලින් වෙන්වුණු ඇයව එක පාරක් දකින්න තිබ්බා නම් ''-මුළු රටම සංවේදී කළ ආදර අමරණීය මතකය

''අවුරුදු 20කට කලින් වෙන්වුණු ඇයව එක පාරක් දකින්න තිබ්බා නම් ''-මුළු රටම සංවේදී කළ ආදර අමරණීය මතකය