අලුත් වු නව කිරුළ..(PHOTOS)

United Kingdom King Charles III
By Sewvandhi Dec 04, 2022 02:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලබන වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකින්හැම් මාළිගය නිවේදනය කරනවා.

මෙය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වර්ඩ් කිරුළ ලෙසයි. රාජකීය සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී මෙම ඓතිහාසික කිරුළ පැළඳවීම සිදුකරනු ලබනවා.

ඔටුන්න රැගෙන යාමේ පුවත රහසක් ලෙස තබාගෙන ඇති අතර එය මේ වනවිට රඳවා ඇති ස්ථානය අනාවරණය නොකිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

රාජාභිෂේකය සඳහා ශාන්ත එඩ්වර්ඩ්ස් ඔටුන්න පළමුවරට යොදාගෙන ඇත්තේ 1661 වසරේ දෙවැනි චාල්ස් රජු වෙනුවෙනි. තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය යෙදී ඇත්තේ, ලබන වසරේ මැයි 6 වැනිදාටය.

එය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වෙනු ඇත. ඒ දෙවැනි එලිසබත් රැජිනගේ අභාවයෙන් සහ චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තියෙන් මාස 8කට පසුව වීම විශේෂත්වයකි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery