අසම්මතයේ ම්ලේච්ඡතම කළු පැල්ලම- වේල්ලවීදියේ අභිරහස ගැන ඔබ නොදන්නා පැත්ත ‘Room No 106’ වෙතින්

Report

චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක විසින් තිර රචනය කළ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගේ 6 වැනි සිනමා නිර්මාණය වන ‘ROOM NO 106’මේ වනවිට ‘රිත්මා’ මණ්ඩලය ඇතුළු දිවයිනපුරා සිනමාහල්වලදී මේ වනවිට තිරගත වේ.

    බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, දමිතා අබේරත්න, කලණ ගුණසේකර, ධනංජය සිරිවර්ධන, නයෝමි තක්ෂිලා, අමිත්ත වීරසිංහ, චතුර පෙරෙරා, ජීවාන් සප්තරංග ධනු ඉන්නසිත්ස්ම්බි, උපුල් ගුණවර්ධන සමඟ ඉෂාන් මෙන්ඩිස් ඇතුළු පිරිස් රැසක් රංගනයෙන් දායකවෙති. ඔවුන්ගෙ නම් ඇසෙත්ම සිනමා හලට දුවගෙන එන්නට ඔබට සිතෙනු ඇත.

චිත්‍රපටය හරහා ඔහු ගෙන එන්නේ අප කවුරුත් දන්නා, නමුත් අදටත් නොවිසඳුණු කතාවක් එය අදටත් අභිරහසකි.

අප සමාජයක් දන්නා කතාවක් සිනමාවට නැගීමේදී, සිනමාකරුවා බොහෝ ප්‍රවේශම් විය යුතුය. මන්ද හෙතෙම සියල්ල දන්නා අපිව කම්මැළි නොකර, අප දන්නා කරුණු වරදවා නොගෙන, අප නොදන්නා දේද එයට ඇතුළත් අපුරුවට එය ඉදිරිපත් කර යුතුය නමුත් අධ්‍යකවරයාගේ ඒ අපූරු හැකියාවත් නිසාවෙන් වේල්ලවීදියේ හිස සුන් ම ල සිරුර සම්බන්ධව අප දන්නා දේට අමතරව, අප නොසීතු, වෙනත් කෝණයකින්ද කතාවට යමක් එකතු කර ඇත.

අප ඇසූ කතාවක් සිනමාවට අපූරුවට ගෙන ඒමට මෙලෙස ගෙන ඒමට සිනමා කණ්ඩායම සමත්ව තිබේ ගැටුම ඇති වන්නේ මේ දුෂ්ඨයා සහ ඔහුටත් වඩා නරක දුෂ්ටයෙකු අතරය. රංගන ශිල්පීන්ගේ අපූරු රංගනය ඒ වගේම සංක දිනෙත් ගේ සංගීතය සහ චිත්‍රපට හරහා ගෙන එන අපූර්වත්වය කියා නිම කළ නොහැක,

 වේල්ලවීදියේ හිස සුන් ම ල සිරුර මෙවැනි කතා කොයිතරම් නම් කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තියනවද?

Room no 106 කියන්නේ අසම්මතයේ ම්ලේජතම කලු පැල්ලමක් එක්කාසු කළ සිදුවීමයි

ඉතිං හිතන්නට යමක් දෙන ජීවිතේට ගන්න දේවල් බොහෝමයක් තියන ROOM NO 106’ ෆිල්ම් එක ඔයත් අනිවාර්‍යෙන් නරඹන්න . සත්‍යසිදුවීමක සිනමාත්මක විවරණය දකින්න . ළගම ඇති සිනමා හලට අදම යන්න   

    

GalleryGallery