ඉතිහාසගත වැටුපකට හිමිකම් කියූ රොනාල්ඩෝ සුවිශේෂී සෞදි නීතියක් කඩයි.

By Wayomi Jan 09, 2023 10:12 AM GMT
Report

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වනවිට වාසය කරන්නේ සෞදි අරාබියේයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගතවීම හේතුවෙන් ඔහු සෞදිය වෙත පැමිණියා.

එහිදී ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩ කර තිබෙනවා.

රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටි නමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත.

සෞදි නීතියට අනුව විවාහ නොවූ යුවලකට එකම නිවසක වාසය කිරීම තහනම් වෙයි.

එසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නීතිය රොනාල්ඩෝ විසින් කඩ කළද ඔහුට සෞදි රජය විසින් දඬුවම් නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, 2025 වසර දක්වා ඔහු අල් නසාර් ක්‍රීඩා සමාජය සමග මෙලෙස ගිවිසුම්ගතවී ඇති නිසා බව සඳහන්.

එමඟින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 177ක වාර්ෂික වැටුපක් හිමිවන අතර එය පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමිවන වැඩිම වැටුප ද වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW