පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි

Report

පාපන්දු ක්‍රීඩාලෝලීන්ට අස්වැසිල්ලක් එක් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට අද (03) සුදුසුකම් ලබා ගත්තේය.

ඒ ක්‍රොඒෂියාව සමඟ පැවති තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-1ක ජයක් වාර්තා කරමිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් ලෙස සැලකුණු පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තරගය ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ක්‍රීඩාලෝලීන් 40,000කට අධික පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියහ.

''පරාජයට වගකිව යුත්තේ විනිසුරුවන් නොව මුළු කණ්ඩායමයි” – ජර්මානු නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්

''පරාජයට වගකිව යුත්තේ විනිසුරුවන් නොව මුළු කණ්ඩායමයි” – ජර්මානු නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්

තරගයේ පළමු අර්ධය දෙපිලටම ගෝල රහිතව අවසන් වූ අතර, දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේදී ඉවාන් පෙරිසිච් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් පෘතුගාල ප්‍රේක්ෂකයන් කම්පනයට ලක් කළේය.

කෙසේ වෙතත් 61 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා කළ ගෝලයක් විනිසුරු තීරණයකින් අවලංගු කෙරිණි.

නමුත් 66 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට හිමි වූ දඬුවම් පහර සාර්ථකව ගෝලයක් බවට පත් කළ රොනාල්ඩෝ, තරගය 1-1ක් ලෙස සමකරනු ලැබීය.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් පමණ තිබියදී ගොන්සාලෝ රාමෝස් ලබාගත් ගෝලය පෘතුගාලයට ජයග්‍රාහී මාවත විවර කළේය.

අවසන් මොහොතේ ක්‍රොඒෂියාව තවත් ගෝලයක් වාර්තා කළද, එයද විනිසුරු තීරණයකින් අවලංගු කෙරිණි.

ඒ අනුව ගෝල 2-1ක ජයක් සමඟ පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව එම වටයේදී පෘතුගාලය ස්පාඤ්ඤය සමඟ තරග වැදීමට නියමිතය. තරගයෙන් අනතුරුව රොනාල්ඩෝ ඇතුළු පෘතුගාල ක්‍රීඩකයන්, පසුගිය වසරේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සිහිපත් කරමින් ගෞරව දැක්වූහ.

ලෝක කුසලානයේ ලොකුම පෙරළිය- ජර්මනිය පරදා පැරගුවේ ලැබූ ඓතිහාසික ජයට ජනපතිගෙන් නිවාඩු තෑග්ගක්

ලෝක කුසලානයේ ලොකුම පෙරළිය- ජර්මනිය පරදා පැරගුවේ ලැබූ ඓතිහාසික ජයට ජනපතිගෙන් නිවාඩු තෑග්ගක්