පාපන්දු රසිකයින් ඇඟිලි ගැන ගැන හිටපු සංචිතය - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝත් එක්ක FIFA ලෝක කුසලානයට යන අය මෙන්න
2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළත් පෘතුගාල 26 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මෙම සංචිතයේ කණ්ඩායමේ නායකත්වය සහ ඉදිරි පෙළ ප්‍රහාරක වගකීම සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත පැවරී ඇත.
ඒ අනුව නම් කරන ලද සමස්ත සංචිතය පහතින්,
ගෝල රකින්නන් අතරට දියෝගෝ කොස්තා (Diogo Costa), රුයි සිල්වා (Rui Silva), රිකාඩෝ වෙල්හෝ (Ricardo Velho)
පසුපෙළ ක්‍රීඩකයින් වශයෙන් නම් කර ඇත්තේ දියෝගෝ දාලෝ (Diogo Dalot), මැතෙවුස් නූනෙස් (Matheus Nunes), නෙල්සන් සෙමේඩෝ(Nélson Semedo), ජොආඕ කැන්සෙලෝ (João Cancelo), නූනෝ මෙන්ඩිස් (Nuno Mendes), ගොන්සාලෝ ඉනාසියෝ (Gonçalo Inácio), රෙනාටෝ වේගා (Renato Veiga), රුබෙන් ඩයස් (Rúben Dias), තෝමස් අරූජෝ (Tomás Araújo) යන ක්‍රීඩකයින්.
එසේම මැදපෙළ ක්‍රීඩකයින් අතර රුබෙන් නෙවෙස් ( Rúben Neves) සැමුවෙල් කොස්තා (Samuel Costa), ජොආඕ නෙවෙස් (João Neves), විටින්හා (Vitinha), බෲනෝ ෆර්නැන්ඩස් (Bruno Feandes), බර්නාඩෝ සිල්වා (Beardo Silva ) නම් කර ඇත.
ඉදිරිපෙළ ක්‍රීඩකයින් වශයෙන් ජොආඕ ෆීලික්ස් (João Félix), ෆ්‍රැන්සිස්කෝ ට්‍රින්කාඕ (Sporting CP), ෆ්‍රැන්සිස්කෝ කොන්සෙයිසාඕ ( Francisco Trincão), පේද්‍රෝ නෙටෝ (Pedro Neto), රෆායෙල් ලෙයාවෝ (Rafael Leão), ගොන්සාලෝ ගුඩෙස් (Gonçalo Guedes), ගොන්සාලෝ රාමෝස් (Gonçalo Ramos), ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) නම් කර ඇත.