පොහොට්ටුවට වෙච්ච දේ. රෝහිත එක්වරම පාට මාරු කරයි. - ජන හමුවකදී ගත් විශේෂ තීරණය මෙන්න.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇති බව සඳහන්.
වැඩිදුරටත් වාර්තා වන්නේ, කළුතරදී අද පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඔහු මෙම තීරණය ගත් බවයි.