දිවයින පුරා රිය අනතුරු-පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු මාලාවකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වත්තල, කුඩගහපිටිය හන්දිය අසලදී යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් වයස අවුරුදු 44ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත. තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් බව වත්තල පොලීසිය පවසයි.

පානදුර මොරටුව නව මාර්ගයේ ජය මාවත අසලදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකු ගැටීමෙන් වයස අවුරුදු 50ක් වූ කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පානදුර රෝහලේදී මියගොස් ඇත.

එගොඩඋයන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පුලියන්කුලම වව්නියාව මාර්ගයේ රාමණූර් ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ පසුපැදිකරු වයස අවුරුදු 59ක් වූ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පුලියන්කුලම රෝහලේදී මියගොස් ඇත.

හංවැල්ල - කොළඹ මාර්ගයේ රණාල ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් වයස අවුරුදු 34ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නවගමුව රෝහලේදී මියගොස් ඇත.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නවගමුව පොලීසිය විමර්ශන සිදු කරයි.

සමන්තුර ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී රියදුරුටම යටවීමෙන් වයස අවුරුදු 40ක් වූ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ස්ථානයේදීම මියගොස් ඇත. කාර්තිව් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම අනතුරු මාලාව හේතුවෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් අවධානය යොමු වී ඇති අතර, පොලීසිය විසින් සියලු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔස්ලෝහි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්

ඔස්ලෝහි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්