අයර්ලන්තයේ අගනුවර කෝලාහල...34ක් අත්අඩංගුවට...(VIDEO)

By Hashini Nov 24, 2023 10:40 AM GMT
Report

අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පාසලකින් පිටත සිදුවූ පිහි ඇනුමකින් පසු ඇති වූ කෝලාහල නිසා 34ක් අත්අඩංගුවට ගෙන ඇති එරට පොලිස් ප්‍රධානියා පවසනවා.

එම පිහි ප්‍රහාරයෙන් ගුරුවරයෙකු සහ ළමුන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අයර්ලන්තයේ අගනුවර කෝලාහල...34ක් අත්අඩංගුවට...(VIDEO) | Riots In Ireland S Capital 34 Arrested

අයර්ලන්ත පොලිස් බලකායෙහි ප්‍රධානී Drew Harris පැවසුවේ ගැටුමේදී පොලිස් වාහන 11කට සහ වෙළඳසැල් 13 කට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම කෝලාහලය හේතුවෙන් තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

අයර්ලන්තයේ අගනුවර කෝලාහල...34ක් අත්අඩංගුවට...(VIDEO) | Riots In Ireland S Capital 34 Arrested

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ නගරයේ නිලධාරීන්ට සහාය වීම සඳහා අයර්ලන්ත ජනරජය පුරා මහජන ඇණවුම් පොලිස් ඒකක කැඳවා ඇති බවයි.