ඉෂාරා ගැන බොරු කියපු අයෙකු කූරු ගනි

Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දුන් බවට චෝදනා ලැබූ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නම් සැකකරු, මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පවසා තිබුණේ, සැකකරු තම දුරකථනයෙන් අසත්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරමින් පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට උත්සාහ කළ බවයි.

ඒ අනුව, අත්අඩංගුවට ගත සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා අදාළ සැකකරු මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.