මුලු රටටම සහල් දෙන්න ප්‍රදේශ 06කින් සැරසෙයි..මෙන්න සුබ ආරංචියක්..

Report

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට සූදානම්වී සිටිනවා.

ඒ අනුව, දැනට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොළොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බල ප්‍රදේශවල කුඹුරු ආශ්‍රිතව වැඩිම අස්වැන්නක් ලබා ගැනිමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට නියමිතවඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..


කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, වගා කන්න හයකදි වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩ පිළිවෙලෙහි අරමුණ බවයි.

දැනට රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. 2024 සමස්ත ජාතික වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.1කි.

2023 වර්ෂයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇත.

ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..

ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..


ඒ අනුව මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.