රජයෙන් ජනතාවට ලැබෙන සහනය - ඉදිරි දින කිහිපය තුළ කරන්න යන්නෙ මෙන්න මේකයි..

Report

කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය - ඉදිරි දින කිහිපය තුළ කරන්න යන්නෙ මෙන්න මේකයි.. | Rice From The Government For Low Income Families

ඒ මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සඳහා රජයෙන් රුපියල් බිලියන 26.6ක සහල් ලබා දුන් බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (03) අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ය.

එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් වල පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ 183,421ක පවුල් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරන සහල් තොග ඇණවුම් කොට මේ වන විට ලැබී ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

පුදුම හිතෙන වැටුපක් සමගින් ඔයාගේ රැකියා සිහිනය සැබෑ කරගන්න සුපිරි අවස්ථාවක් මෙන්න.

පුදුම හිතෙන වැටුපක් සමගින් ඔයාගේ රැකියා සිහිනය සැබෑ කරගන්න සුපිරි අවස්ථාවක් මෙන්න.


කෙසේ වෙතත්, දිවයිනේ දිස්ත්‍රික්ක 25 හිම අඩු ආදායම්ලාභී පවුල් සදහා අප්‍රේල් සහ මැයි මාස සදහා සහල් කිලෝ 10 බැගින් ප්‍රදානය කිරීමේ වැඩසටහන අනුව ඉදිරි දින කිහිපය තුළ දෙවනි වටයේ සහල් බෙදීම අරඹා මේ මස අවසන් වීමට පෙර මෙම සියලුම සහල් තොග බෙදා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.