රයිස් සහ කොත්තු මිලත් පහළට.
By Wayomi
ආපනශාලා ආහාර වර්ගවල මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සියලුම කෙටි ආහාර වර්ග රුපියල් 10කිනුත්, ප්ලේන්ටියක් රුපියල් 5කිනුත්, කිරි තේ එකක් රුපියල් 10කිනුත්, රයිස්, කොත්තු, පරාටා රුපියල් 25කිනුත් මිල අඩු කර ඇත.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ,ඊයේ දිනයේ දී ගෑස් මිල පහළ දැමීමත් සමග පාරිභෝගිකයන්ට ආහාරවල මිල අඩු කර ලබා දීමට සිය සංගමය තීරණය කළ බවයි.
......................................