ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාර...

By Parami Dissanayake Jul 28, 2024 01:31 PM GMT
Report

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන් ම, ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටි ගම්මානයක පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙකු මියයෑමට ප්‍රතිචාර වශයෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව ද ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ ය.

ඒ අනුව, ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 7කට ඊශ්‍රායල හමුදාව විසින් දැඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.