ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකයේ ප්‍රතිඵලය.

Sri Lanka UNICEF
By Wayomi May 03, 2023 05:52 PM GMT
Wayomi

Wayomi

Report

දරිද්‍රතාවයට බොහෝ පැතිකඩ ඇති අතර, විශේෂයෙන් පෝෂණය සහ සංජානන වර්ධනය වැනි ළමා කාලය තුළ අහිමිවීම් පිළිබඳ අත්දැකීම් ජීවිත කාලය පුරාම පැවතිය හැකිය. තිරසාර සංවර්ධන ඉලක්කය (SDG) 1 හි පිළිගෙන ඇති පරිදි, “සෑම තැනකම සෑම ආකාරයකම දරිද්‍රතාව අවසන් කිරීම” යන ජාත්‍යන්තර ප්‍රජාවේ සම්මුතියට අනුකූලව, මුල්‍යමය දරිද්‍රතාවයට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජීවන තත්වය යන බහුමාන පැතිකඩවල් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව දරිද්‍රතාවය අධ්‍යනය කරන ලදී. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේ පවත්වන ලද ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණයෙහි දත්ත පදනම් කර ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට 2021 වර්ෂයේහි දී UNICEF ශ්‍රී ලංකා කාර්යාලය, Oxford Poverty and Human Development Initiative (OPHI) ,යුරෝපා සංගමය සහ අනෙකුත් විවිධ පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව නිල සංඛ්‍යාතියක් ලෙස ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය (NMPI) ප්‍රකාශයට පත් කරන ලදී.

බහුමාන දරිද්‍රතා දර්ශකය ශ්‍රී ලංකාව පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් නිර්මාණය කරයි. එය, දුප්පතුන් විසින් අත්දකිනු ලබන එකිනෙක සම්බන්ධ වී ඇති විහීනතා සමූහයක් කෙරෙහි අවධානය යොමු කරමින් , දුප්පතුන් යනු කවුරුන්ද සහ ඔවුන් දුප්පත් වන්නේ කෙසේද යන්න හෙළි කරනු ලබයි.

තවද, ළමා කේන්ද්‍රීය ප්‍රතිපත්ති තවදුරටත් විමර්ශනය කිරීමට සහ සහාය දැක්වීම සඳහා, වයස අවුරුදු 0-4 අතර ළමුන් සඳහා ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය(CMPI) නිර්මාණය කරන ලදී. එයට ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකයෙහි ඇතුලත් දර්ශක සමඟ ශ්‍රී ලංකාවේ ළමයින් සඳහා වැදගත් වන ළමා දරිද්‍රතා දර්ශක දෙකක් වන ළමා පෝෂණය සහ මුල් ළමාවිය සංවර්ධනය යන දර්ශක දෙක ඇතුළත් වේ. ළමා බහුමාන දරිද්‍රතා දර්ශක ජාතික බහුමාන දරිද්‍රතා දර්ශක සමඟ සෘජුවම සම්බන්ධ කර නිල ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය සකස්කරනු ලැබූ පුරෝගාමී රට ලෙස ශ්‍රී ලංකාව පත්වේ.

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) නිල සංඛ්‍යාතියක් වන අතර එය SDG දර්ශකය 1.2.2 (“එනම් ජාතික නිර්වචනවලට අනුව දරිද්‍රතාවයේ සියලු මානයන් තුළ ජීවත් වන සෑම වයස් කාණ්ඩයකම පිරිමින්, කාන්තාවන් සහ ළමුන්ගේ දිළිඳු ජනගහන අනුපාතය) ලෙස සෑම ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීකෂණ වර්ෂක් සඳහා යාවත්කාලීන කර ප්‍රකාශයට පත් කෙරේ. එය මූල්‍ය දරිද්‍රතා මිනුම වලට අනුපූරකයක් ලෙස භාවිතා කරනු ලබයි.

බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) යනු සංඛ්‍යාලේඛනයක් පමණක් නොවේ. එය ප්‍රතිපත්ති සැලසුම් කිරීමට යොදාගත හැකි මෙවලමකි. සීමිත සම්පත් යොදා ගනිමින් ප්‍රතිපත්ති සකස් කිරීම,සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය සහ අධීක්ෂණය වැනි විවිධ අංශ මගින් දිළිඳුකම අඩු කිරීම වේගවත් කිරීමට ඉහළ බලපෑමක් ඇති අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම් සඳහා අදාළ තොරතුරු සපයයි. තවද , ජාතික සහ ළමා බහුමාන දරිද්‍රතා දර්ශක මගින් විවිධ මානයන්ගේ එකවර විහීනවීම් වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා ස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් ග්‍රහණය කළ හැක. විවිධ විහීනවීම් දරිද්‍රතාවයට දායක වන ප්‍රමාණය, කොතැන කවුරුන් සඳහා ද යන්න පෙන්වා එමඟින් ප්‍රතිපත්ති සකස් කිරීම සදහා අවධානය යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් ලබා දේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW