මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්

Dr Wijeyadasa Rajapakshe Sri Lanka Journalists In Sri Lanka Latest Headlines Sinhala news
By Akash May 09, 2025 03:26 PM GMT
Akash

Akash

Report

චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන දෙදෙනා සම්මුඛ සාකච්ජාවක් පවත්වා අදාළ සාකච්ඡාව චමුදිත සමරවික්‍රම විසින් Truth with Chamuditha යන Youtube නාලිකාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනු ලැබීම හේතුවෙන් විජයදාස රාජපක්ෂට වෛරී සහ ද්වේශ සහතව සිදු කර ඇති අපහාසය සහ අවමානය වෙනුවෙන් රුපියල් මිලියන 1,000 ක වන්දි මුදලක් අයදිමින් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ විසින් නුගේගොඩ දිසා අධිකරණයේ අංක 5575/2025 M නඩුවක් පවරනු ලැබ ඇත.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩුයවයි

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩුයවයි

එමෙන්ම එම විත්තිකරවන්ට එරෙහිව වාරණ ආඥාවක් ද, අතුරු ඉන්ජන්ෂන් ආඥාවක් ද, ස්ථිර ඉන්ජන්ෂන් ආඥාවක් ද, විධානාත්මක ඉන්ජන්ෂන් ආඥාවක් ද අයද ඇති අතර එම ඉල්ලීම ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් විසින් අධිකරණයේ තහවුරු කරනු ලැබීමෙන් අනතුරුව නුගේගොඩ දිසා විනිසුරු ගරු ආර්.ඒ.එම්. රාජපක්ෂ විසින් අද දින (2025 මැයි 09 දින) පැමිණිලිකරු අයද ඇති පරිදි විත්තිකරවන්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කරන ලදී.

ඒ අනුව එම නඩුවේ අයද ඇති අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාව නිකුත් කරන තෙක් පැමිණිලිකරුගේ සහ/හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ඍජු ලෙස හෝ වක්‍ර ලෙස සඳහන් කරමින් විද්‍යුත් සහ/හෝ මුද්‍රිත සහ/හෝ සමාජ මාධ්‍ය සහ/හෝ වෙනත් කිසිදු මාධ්‍යයක් හරහා අදහස් ප්‍රකාශ කිරීමෙන් සහ/හෝ ‍විකාශනය කිරීමෙන් සහ/හෝ ප්‍රචාරණය කිරීමෙන් චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන විත්තිකරුවන් එක්ව සහ වෙන් වෙන්ව වළක්වන්නා වූ වාරණ ආඥාවක් නිකුත් කරන ලදී.

තර්ජනය කලැයි SJB අපේක්‍ෂක අත්අඩංගුවට..

තර්ජනය කලැයි SJB අපේක්‍ෂක අත්අඩංගුවට..

චමුදිත පාතාලය සමග සම්බන්ධ ද...?

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමග 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha නමැති සමාජ මාධ්‍ය නාලිකාවේ විකාශනය කළ බවත්, මුළු සාකච්ඡාව ම පාහේ පැමිණිලිකරුට චෝදනා කිරීමට සහ අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

චමුදිත සමරවික්‍රම විසින් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබමින් කුමන්ත්‍රණකාරී ලෙස සහ මිනි මැරීම්වලට අනුබල දෙමින් සැලැසුම් සහතව පුද්ගලයන් සාකච්ජාවලට සහභාගි කර ගෙන ඔවුන්ට බලකර සහ තර්ජනය කර එම තැනැත්තන්ගේ විරුද්ධවාදීන්ගේ නම් ගම් හෙළිදරව් කරවා ගැනීමත්, ඔවුන්ට එරෙහිව අභියෝග සහ අවලාද කරවීමත් සිදු කරවමින් ඔවුන්ව ඝාතන සිදු කිරීමට සලස්වා ඇති බවට එහි චෝදනා කොට ඇත.

යම් පාතාල කණ්ඩායම්වලින් මුදල් ලබා ගෙන එම අපරාධ සිදු කො ඇති බවත්, ඒ පිළිබදව විමර්ෂණය කරන ලෙසට පොලිස්පතිවරයාට ඉල්ලීමක් ද කොට ඇති බව සඳහන් ය.

ReeCha