ළමුන් අතර හතිය සහ ශ්වසන රෝග පැතිර යාම ඉහළට...
By Parami Dissanayake
ළමයින් අතර හතිය සහ ශ්වසන රෝග පැතිර යාම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටී.
ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් උණ රෝගයක් මේ වනවිට ව්‍යාප්ත වන බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.