පුද්ගලිකයි! රහසිගතයි!පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ අස්වීමේ හේතුව එළියට(VIDEO )
තමන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවලින් වැරදියට වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කර තිබෙනවා.
ඔහු පවසන්නේ තමන්ගේ පෞද්ගලික කාරණාවක් හේතුවෙන් තමන් ස්ථාන මාරුවක් ඉල්ලා ඇති බවයි තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත්, ඒ වෙනුවට තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ස්ථාන මාරුවක් ඉල්ලුම් කර තිබෙන බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කර සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21)මාධ්‍යට අදහස් දක්වමිනි.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වූ බවට ඊයේ (20) මාධ්‍ය වාර්තා පළවූ අතර ඔහු මේ අදහස් දැක්වීම සිදුකළේ එකී පුවත සම්බන්ධව කරුණු නිවැරදි කරමිනි.
ඒ අනුව පොලිස් නිලධාරියෙකුට වගකීමක් පැවරූ විට එය පැහැර හැරීමට හැකියාවක් නැති බවත් තමන් ස්ථාන මාරුවීමක් ඉල්ලා ලිපියක් යොමු කර ඇති අතර තමන් වෙනුවට නිලධාරියෙක් පත් කරනතුරු පවරා ඇති වගකීම දරන බවද ඔහු සඳහන් කළේ.
--------------------------
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි - දේශබන්දුගේ බලපෑමක්ද? 02.43 PM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවත් සදහන් වනවා.
මෙම තීරණය ගෙව ඇත්තේ පෞද්ගලික කරුණක් මත බවත් ඔහු ලිපිය මගින් දන්වා ඇති බවත් පැවසෙන්නේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සිද්ධියේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සිය වගකීම ඉටු කරනු ලැබුවා.
මොහුගේ ඉල්ලා අස්වීමට එය ඍජුව බලපෑම් එල්ල කර තිබේද යන්න සම්බන්ධයෙන් යම් ප්‍රශ්නාර්ථයක් පවතිනවා.
