නැවත සැකසෙන කෑම බිල්

Report

ගෘහ කාරක සභාව මඟින් පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික ආහාර බිල් අධික ලෙස වැඩි කිරීමේ තීරණය නැවත සකස් කිරීමට තීරණය කර ඇත.

මෙසේ මූලිකව ගනු ලැබූ තීරණය වෙනස් කිරීමට සිදු වූයේ සේවකයන්ගේ දැඩි විරෝධය හමුවේ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගිය 22 වන දා සාමාන්‍ය සේවකයන්ගේ මාසික ආහාර බිල් රුපියල් 1000 සිට රුපියල් 3600 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

එහෙත් මේ පිළිබඳව සේවකයන් මතු කළ විරෝධතා නිසා ඊයේ දින හදිසියේ රැස්වූ ගෘහ කාරක සභාව එම මුදල රුපියල් 1100 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එම මුදල රුපියල් 2500 ක් ලෙස නියම කළ බව සඳහන්.

එසේම පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ ආහාර බිල් රුපියල් 1500 සිට රුපියල් 4000 දක්වා වැඩි කර ඇත.

එහෙත් එම මුදල වෙනස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තවද මාධ්‍යවේදීන් සහ පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ගේ ආහාර බිල් සම්බන්ධයෙන් ද කිසිදු වෙනස්කිරීමක් සිදු කර නැත.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළ ප්‍රකාශයකදී මෙම ආහාර මිල වැඩිකිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව නැවත සලකා බලන ලෙසට ඉල්ලීමක් කරමින් සාමාන්‍ය සේවකයන් වෙනුවෙන් කතා කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

අලි මදිවට කොටි කිව්වලු...ගෑණු මදිවට සල්මන් ඛාන් වටේ පාතාලෙත් කැරකෙන්න අරන්

අලි මදිවට කොටි කිව්වලු...ගෑණු මදිවට සල්මන් ඛාන් වටේ පාතාලෙත් කැරකෙන්න අරන්

ඒ අනුව සාමාන්‍ය සේවකයන්ගේ ආහාර මිල රුපියල් 1000 සිට රුපියල් 3500 දක්වා වැඩි කිරීමත් විධායක කාර්ය මණ්ඩලයේ මිල රුපියල් 1500 සිට රුපියල් 4000 දක්වා වැඩි කිරීම ගැනත් විපක්ෂ නායකවරයා පවසා ඇත.

ඉකුත් පෙබරවාරි 5 වන දා සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල් සඳහා ගෙවිය යුතු මුදල වෙනස් කර ඇත.

ඒ අනුව එකම ආහාර වේලක් සඳහා රුපියල් 2000 ක් ගෙවිය යුතුව තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් මතින් කලින් පැවති රුපියල් 450 සිට මෙම මුදල සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල් ගාස්තු ව්‍යුහගත කර තිබෙන්නේ උදෑසන ආහාර වේල සඳහා රුපියල් 600 ක්, දහවල් ආහාර වේල සඳහා රුපියල් 1200 ක් මෙන්ම සවස තේවලට රුපියල් 200 ක් ලෙස බව වාර්තා වේ. 

දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්

දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්