වැඩේ ලේසි වෙන්නේ නෑ දැන් නම්... විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා..දැනුම් දෙන්න අංකයකුත් දීලා..

By Piyumika Dec 24, 2024 06:41 AM GMT
Report

පොලීසිය විසින් දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව..

බන්ධනාගාර රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව..

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, රිය අනතුරු වාර්තාවීම ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවටද තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය සඳහන් කළා.

පුරප්පාඩු අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකකට නව පත් කිරීම් සදහා අවසර..

පුරප්පාඩු අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකකට නව පත් කිරීම් සදහා අවසර..

ඒ අනුව අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලීසිය දැනුම් දුන්නේ.

You may like this video